
පින්න තවරා පිච්ච පෙති අග
සුපෙම් සඳවත පිපෙයි හිනැහී
නින්ද ළඟනෑ ඈතකය නුඹ
සිතින් ඔය සුදු කොපුල් සිඹිමි
ඉන්න හැකිනම් පාළු හිත ළඟ
ආදරේ මහ හුගක් පුදමි
එන්න සීතල සුසුම් තවරමු
කල්පනා සිහිනයෙන් ඇහැරී
හංගලා දුර අනන්තයේ හිත
රිදෙව්වත් මගෙ හිතට වදදී
ළඟට ඇවිදින් පාසිඹින්නට
කප්පරක් කල් පෙරුම් පුරමි
ඇස් පියාගෙන හිත රිදෝගෙන
හීනෙනුත් ඔබ ළඟට ළංවි
හුස්ම ගන්නා හඩ අසන්නට
මගේ හිත මම නතර කරමි






