Friday, July 15, 2011
බොදවූ සිහිනය

ඔබත් මමත් දැක විකසිත කුසුමන්
දැන් දුක්බර ලෙස මිලින වෙලා...
එදා ගංදියත් මුදු මද පවනත්
අප නොමැතිව ඇත ගොළුවීලා...
මල් උයනේ තුරු ලතා මඩුලු යට
ගෙවූ සැදෑවන් ඔබ සමග එදා...
දරාගැනීමට නොහැකි පාලුවෙන්
එතැනම මා ඇත තනිවීලා...
පාලු මාවතේ දෑතම පටලන්
ඔබගේ තුරුළට තුරුලුවෙලා...
මැවූ සිහිනයන් ආදරයෙන් අපි
අද දෙතැනක ඇත බොදවීලා...
- Nirosh Maithree
The Author
Subscribe to:
Posts (Atom)
Social Icons
Popular Posts
-
නටන්නට වන්නම් මට පෙන්වූ මුලා දෑසට කටුවකින් නොඇන නටන්නෙමි මං වන්නම්.. දොඩන්නට පෙම්බස් මට කිවියෙකු වූ ඔබේ මුවගට විෂ හාදුවක් නොතබා දොඩන්නෙමි මං...
-
සිහිනයක් උනා ඔබ මට පියවි ලොවේදි හිමි නොවන මිරිගුවක් උනා ඔබ මට ළංවන විට දුර ඇදෙන... ආදරේ කලේ ඔබට සදා කල් ඔබ මගෙ වන්න හිමිනැතත් ඔයා මට වෙනසක් ...
-
ආදරෙයි ඔබට මම තවම කුමක් කලත් ඔබ මා හට මම ජීවත්වෙන්නෙ ඔබ නිසාම කුමක් වුවත් මගෙ ජීවිතයට... හිතන්නට බැහැ මට ඔබ නොමැති බව මා ළග ඔබට පම...
-
සුළඟ සුළි ලයි කණට කොඳුරයි ඉකිබිඳියි කඳු, නිවස සහ වනය පයින් රුක් එකලා ව නොව එක් වන් ව නිමක් නැති දිගන්තය සමග තෙරක් සොයමින් ඇදෙන ඔරු කඳන් සේ ...
-
පින්න තවරා පිච්ච පෙති අග සුපෙම් සඳවත පිපෙයි හිනැහී නින්ද ළඟනෑ ඈතකය නුඹ සිතින් ඔය සුදු කොපුල් සිඹිමි ඉන්න හැකිනම් පාළු හිත ළඟ ආදරේ මහ හුගක් ප...
-
ශීර්ෂයට ඇති එකම සෙවන තම අත බව වැටහුනේ ලෙඩ ඇදේ ඉන්නාවිට වතේ දූලි කැබැල්ලත් ඇස් අග කබ කැබැල්ලත් මුව අග ඉදුලුත් මටම හිනැහෙනවා උනුත්... ඉදහිට ...
-
හද ඉස්මත්තේ පාළු පෙදෙසක ගැඹුරු අගාධෙක වළලා.. පස්දා.. නිමාකල සෙනෙහෙ සුගන්ධයෙන්, නැවතත් ඇසිපිය බොදකළ මොහොතක, ඔබවම පෙනිලා නොපෙනී යා නම්... සිහි...
-
ඔබත් මමත් දැක විකසිත කුසුමන් දැන් දුක්බර ලෙස මිලින වෙලා... එදා ගංදියත් මුදු මද පවනත් අප නොමැතිව ඇත ගොළුවීලා... මල් උයනේ තුරු ලතා මඩුලු යට ගෙ...
-
පාළු අහස යට අදුරු සැදෑවක ඔබේ දෙනෙත් මතකෙට නැගුනා... සීතල සුළඟත් වැහිබර අහසත් ඔබදුටු මුල්දින මතක් කලා... එම අහසම අද දුක්බර විලස...
-
දළුලා වැඩෙයි අතු රිකිළි අතර වියැකෙන්නට වෙරදරන ඔබට ඇති ආදරය... පිණි බිදුවක හිම කැටයක සිනිදුබව නොරැදුන කටුක වූ අපෙ ආදරය... පියාපත් විදා දුර ...





