
හද ඉස්මත්තේ
පාළු පෙදෙසක
ගැඹුරු අගාධෙක
වළලා.. පස්දා..
නිමාකල සෙනෙහෙ
සුගන්ධයෙන්,
නැවතත් ඇසිපිය
බොදකළ මොහොතක,
ඔබවම පෙනිලා
නොපෙනී යා නම්...
සිහින ලොවක හිද
දඟකල සිතිවිලි..
මිරිගුව දැක දැක
අපමැවු හසරැලි..
නොලැබෙන බව දැන
හීන මාළිගා
දියවී ඇදුනා
වෙරළේ දියරැළි...
වසින්නෙ නැහැ
මල් වරුසා අප හට..
මල් පියවිළි පෑගෙන්නෑ
අප දෙපයට..
නාදුනනා පෙම් යුවලක්
විලසින්
යළි අප හමුවූයේ ඇයි
මේ විලසට...
- නිරෝෂ් මෛතී‍්‍ර
-2012/03/27-





No comments:
Post a Comment