
සුළඟ
සුළි ලයි
කණට කොඳුරයි
ඉකිබිඳියි
කඳු, නිවස සහ වනය
පයින් රුක්
එකලා ව නොව
එක් වන් ව
නිමක් නැති දිගන්තය
සමග
තෙරක් සොයමින් ඇදෙන
ඔරු කඳන් සේ පෙනෙයි
නොසොල්වයි එය
සිහින් පතකුදු
කෝපයෙන් හෝ ක්‍රෝධයෙන්
නමුත්
එය සොයා යයි ශෝකයෙන්
ඔබ නිසා
නැලැවිල්ලක
පබඳ
මේ මගේ දිවි නිමාවයි
නමුදු ඔබ පැවතිය යුතුයි
ෂිවාගෝ ලියූ කවි
-බොරිස් පස්තෙර්නාක්





pls remove word verification.
ReplyDeleteWhat?
Delete