
ඔබත් මමත් දැක විකසිත කුසුමන්
දැන් දුක්බර ලෙස මිලින වෙලා...
එදා ගංදියත් මුදු මද පවනත්
අප නොමැතිව ඇත ගොළුවීලා...
මල් උයනේ තුරු ලතා මඩුලු යට
ගෙවූ සැදෑවන් ඔබ සමග එදා...
දරාගැනීමට නොහැකි පාලුවෙන්
එතැනම මා ඇත තනිවීලා...
පාලු මාවතේ දෑතම පටලන්
ඔබගේ තුරුළට තුරුලුවෙලා...
මැවූ සිහිනයන් ආදරයෙන් අපි
අද දෙතැනක ඇත බොදවීලා...
- Nirosh Maithree





No comments:
Post a Comment