
දළුලා වැඩෙයි
අතු රිකිළි අතර
වියැකෙන්නට
වෙරදරන
ඔබට ඇති
ආදරය...
පිණි බිදුවක
හිම කැටයක
සිනිදුබව නොරැදුන
කටුක වූ
අපෙ ආදරය...
පියාපත් විදා
දුර අහසේ
පාවෙන්නට
හිත්ලද්දි
උපතින්ම තටු
අහිමි ආදරය...
කිසිදිනක එක් නොවන
සමාන්තර ඉරිදෙකකි
ඔබ තැනක
මා තැනෙක
ආදරය...
- නිරෝෂ් මෛති‍්‍ර -
2012/04/10





No comments:
Post a Comment