
සිහිනයක් උනා ඔබ මට
පියවි ලොවේදි හිමි නොවන
මිරිගුවක් උනා ඔබ මට
ළංවන විට දුර ඇදෙන...
ආදරේ කලේ ඔබට
සදා කල් ඔබ මගෙ වන්න
හිමිනැතත් ඔයා මට
වෙනසක් නැහැ ආදරේ තවම...
පාවුනා දුරු අනන්තයේ හිත
මගෙ සුරතින් ඔබෙ අත ගිලිහුන විට
අතීතයේ සුන්දර එක මොහොතක
යළි ඉපදෙනවා ඔබ හමුවන්නට...
- Nirosh Maithree





No comments:
Post a Comment