
නුඹ හෙට
මාව බලන්න එන්නත් පුලුවන්
නොඑන්නත් පුලුවන්...
ඒත් නුඹ එනතෙක්
දෑගිලි ගනිමින්
මග බලාන ඉන්න එක
නතර කරන්න නුඹට පුලුවන්ද...
නුඹ
ඉස්සරහ දවසකදීත්
මාත් එක්ක
හිනා වෙන්නත් පුලුවන්
නොවෙන්නත් පුලුවන්...
ඒත් ඒ හිනාව බලාපොරොත්තුවෙන්
නුඹේ මුහුණ දිහාව
බලා ඉන්න එක
නතර කරන්න නුඹට පුලුවන්ද...
ඉස්සර වගේම
නුඹ හෙටත් මට
ආදරය කරන්නත් පුලුවන්...
නොකරන්නත් පුලුවන්...
ඒත් නුඹ වෙනුවෙන්
මගේ හදේ දොරගුලු හැර තබන එක
නතරකරන්න
නුඹට කවරදාකවත්
බැරිවෙන්න පුලුවන්...





ba
ReplyDeleteබැරිවෙන්න පුලුවන්...
ReplyDeletemeka poddak wenas kalanam waddat lassanay kiyalaa mata hitenawaa