Wednesday, December 16, 2009

සුරංගනාවි


නුඹ හෙට
මාව බලන්න එන්නත් පුලුවන්
නොඑන්නත් පුලුවන්...
ඒත් නුඹ එනතෙක්
දෑගිලි ගනිමින්
මග බලාන ඉන්න එක
නතර කරන්න නුඹට පුලුවන්ද...

නුඹ
ඉස්සරහ දවසකදීත්
මාත් එක්ක
හිනා වෙන්නත් පුලුවන්
නොවෙන්නත් පුලුවන්...
ඒත් ඒ හිනාව බලාපොරොත්තුවෙන්
නුඹේ මුහුණ දිහාව
බලා ඉන්න එක
නතර කරන්න නුඹට පුලුවන්ද...

ඉස්සර වගේම
නුඹ හෙටත් මට
ආදරය කරන්නත් පුලුවන්...
නොකරන්නත් පුලුවන්...
ඒත් නුඹ වෙනුවෙන්
මගේ හදේ දොරගුලු හැර තබන එක
නතරකරන්න
නුඹට කවරදාකවත්
බැරිවෙන්න පුලුවන්...

The Author

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Morbi eu sem ultrices, porttitor mi eu, euismod ante. Maecenas vitae velit dignissim velit rutrum gravida sit amet eget risus. Donec sit amet mollis nisi, nec commodo est.

2 comments:

  1. බැරිවෙන්න පුලුවන්...

    meka poddak wenas kalanam waddat lassanay kiyalaa mata hitenawaa

    ReplyDelete