Monday, August 8, 2011

බලාපොරොත්තුව

ආදරෙයි ඔබට මම තවම
කුමක් කලත් ඔබ මා හට
මම ජීවත්වෙන්නෙ ඔබ නිසාම
කුමක් වුවත් මගෙ ජීවිතයට...

හිතන්නට බැහැ මට
ඔබ නොමැති බව මා ළග
ඔබට පමණයි මට අවැසි
මියෙන්නෙමි ඔබ නොමැති ලෝකෙක...

නැවතත් කියන්නම් ඔබට
මම ආදරෙයි තවම
එන්නම් ඔබ සොයාන
ඉඩ දෙනවානම් මා හට...

- Nirosh Maithree -

The Author

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Morbi eu sem ultrices, porttitor mi eu, euismod ante. Maecenas vitae velit dignissim velit rutrum gravida sit amet eget risus. Donec sit amet mollis nisi, nec commodo est.

Friday, July 15, 2011

අන් සතුවූ ඔබ

සිහිනයක් උනා ඔබ මට
පියවි ලොවේදි හිමි නොවන
මිරිගුවක් උනා ඔබ මට
ළංවන විට දුර ඇදෙන...

ආදරේ කලේ ඔබට
සදා කල් ඔබ මගෙ වන්න
හිමිනැතත් ඔයා මට
වෙනසක් නැහැ ආදරේ තවම...

පාවුනා දුරු අනන්තයේ හිත
මගෙ සුරතින් ඔබෙ අත ගිලිහුන විට
අතීතයේ සුන්දර එක මොහොතක
යළි ඉපදෙනවා ඔබ හමුවන්නට...

- Nirosh Maithree

The Author

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Morbi eu sem ultrices, porttitor mi eu, euismod ante. Maecenas vitae velit dignissim velit rutrum gravida sit amet eget risus. Donec sit amet mollis nisi, nec commodo est.

බොදවූ සිහිනය

ඔබත් මමත් දැක විකසිත කුසුමන්
දැන් දුක්බර ලෙස මිලින වෙලා...
එදා ගංදියත් මුදු මද පවනත්
අප නොමැතිව ඇත ගොළුවීලා...

මල් උයනේ තුරු ලතා මඩුලු යට
ගෙවූ සැදෑවන් ඔබ සමග එදා...
දරාගැනීමට නොහැකි පාලුවෙන්
එතැනම මා ඇත තනිවීලා...

පාලු මාවතේ දෑතම පටලන්
ඔබගේ තුරුළට තුරුලුවෙලා...
මැවූ සිහිනයන් ආදරයෙන් අපි
අද දෙතැනක ඇත බොදවීලා...