Wednesday, December 16, 2009

නුඹ


පින්න තවරා පිච්ච පෙති අග
සුපෙම් සඳවත පිපෙයි හිනැහී
නින්ද ළඟනෑ ඈතකය නුඹ
සිතින් ඔය සුදු කොපුල් සිඹිමි
ඉන්න හැකිනම් පාළු හිත ළඟ
ආදරේ මහ හුගක් පුදමි
එන්න සීතල සුසුම් තවරමු
කල්පනා සිහිනයෙන් ඇහැරී

හංගලා දුර අනන්තයේ හිත
රිදෙව්වත් මගෙ හිතට වදදී
ළඟට ඇවිදින් පාසිඹින්නට
කප්පරක් කල් පෙරුම් පුරමි
ඇස් පියාගෙන හිත රිදෝගෙන
හීනෙනුත් ඔබ ළඟට ළංවි
හුස්ම ගන්නා හඩ අසන්නට
මගේ හිත මම නතර කරමි

The Author

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Morbi eu sem ultrices, porttitor mi eu, euismod ante. Maecenas vitae velit dignissim velit rutrum gravida sit amet eget risus. Donec sit amet mollis nisi, nec commodo est.

5 comments:

  1. ලස්සනයි...
    තව ලියන්න...

    /බිඟුවා...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බිගුවා !!!
      :)

      Delete
  2. ලස්සනයි..දිගටම ලියන්න .ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පබලු !!!
      :)

      Delete
  3. ස්තූතියි... ගොඩක්කල් නිහඩව හිටියා.
    ඒත් ආයෙ ලියන්න හිතුවා.
    ඔයාලාගෙ අදහස් ලොකු ශක්තියක්...

    ReplyDelete